නවසීලන්තය සමග හෙට (25) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී තමා අංක 7 ස්ථානයේ පන්දුවට පහර දීම ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.
තමා සැමවිටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ.
හෙට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ධනංජය ද සිල්වා අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය ද ඔහුට අහිමි වී ඇති බවත්, අද පස්වරුවේ දී අද දෙරණ වාර්තා කර තිබුණා.
ඒ හේතුවෙන් ධනංජය ද සිල්වාට තරග 3 කින් යුත් එක්දින තරගාවලියම අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි අද දෙරණ වාර්තා කර තිබුණේ.