දකුණු අප්‍රිකාවට නව 20යි 20 නායකයෙකු නම් කරමින් T20 හා එක්දින සංචිත නිවේදනය කෙරේ

දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ජේ පී ඩුමිනි පත් කර ඇති බව ද එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

දකුණු අප්‍රිකා 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස ඒඩ්න් මාක්‍රම් පත් කර තිබෙනවා. ඒ, පසුගිය මාසයේ දී 20යි 20 නායකත්වයෙන් ඉවත් වූ ටෙම්බා බවුමා වෙනුවටයි.

බවුමා තවදුරටත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, ඔහු ඩීන් එල්ගර් වෙනුවට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි පසුගිය මාසයේ දී පියවර ගැණුනේ.

28 හැවිරිදි මාක්‍රම් 2014 වසරේ දී දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය ජය ගැනීම සදහා නායකත්වය ලබා දුන් අතර, නිමා වූ SA20 තරගාවලියේ ශූරතාවය දිනූ සන්රයිසස් ඊස්ටර්ස් කේප් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද මාක්‍රම් විසින්.

ඔහුගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මෙම මස අගදී පැවැත්වීමට නියමිතයි.

Bjorn Fortuin හා Sisanda Magala 20යි 20 සංචිතයට නම් කර ඇතත්, ටෙම්බා බවුමාට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

අන්රික් නොකියා හා කාගිසෝ රබාඩා කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා. Gerald Coetzee, Tony de Zorzi හා Tristan Stubbs පළමු වරට එක්දින සංචිතයට කැදවා තිබීම ද විශේෂත්වයක්.

මාක්‍රම්, මාර්කෝ ජන්සෙන්, හෙන්රික් ක්ලාසෙන්, ඩේවිඩ් මිලර් හා වේන් පාර්නෙල් පළමු එක්දින තරග දෙක සදහා නම් කර නොමැති අතර, අවසන් එක්දින තරගය සදහා වන සංචිතයට පමණක් ඔවුන්ව ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව මාර්තු 16 වැනිදා එක්දින තරගාවලිය ද, මාර්තු 25 වැනිදා 20යි 20 තරගාවලිය ද ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු පිතිකරු ජේ පී ඩුමිනි පත් කර ඇති බව ද එරට ක්‍රිකට් ආයතනය අද(6) නිවේදනය කළා.

South Africa squad for the first two ODIs:

Temba Bavuma (c), Gerald Coetzee, Quinton de Kock, Tony de Zorzi, Bjorn Fortuin, Reeza Hendricks, Sisanda Magala, Keshav Maharaj, Wiaan Mulder, Lungi Ngidi, Ryan Rickelton, Andile Phehlukwayo,Tristan Stubbs, Lizaad Williams, Rassie van der Dussen.

South Africa squad for the third ODI:

Temba Bavuma (c), Gerald Coetzee, Quinton de Kock, Tony de Zorzi, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Sisanda Magala, Keshav Maharaj, Aiden Markram, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Ryan Rickelton, Wayne Parnell, Andile Phehlukwayo, Tristan Stubbs, Lizaad Williams, Rassie van der Dussen.

South Africa T20I squad:

Aiden Markram (c), Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Sisanda Magala, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Kagiso Rabada, Rilee Rossouw, Tabraiz Shamsi, Tristan Stubbs.

big 3
Comments (0)
Add Comment