මාක්‍රම්ගේ 96 න් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක්

Day 1 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(8) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දිනය නිමා වන විට ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 311 ක්.

පළමු කඩුල්ල සදහා ඩීන් එල්ගර් හා ඒඩ්න් මාක්‍රම් අතර ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

එල්ගර් ලකුණු 42 කට දැවී ගිය අතර, මාක්‍රම් ලකුණු 96 යි. Tony de Zorzi ලකුණු 85 ක් ලබා ගත් අතර, නායක ටෙම්බා බවුමා ලකුණු 28 කට දැවී ගියා. Ryan Rickelton ලකුණු 22 යි.

වියාන් මෝල්ඩර් ලකුණු 12 කටත්, සයිමන් හාර්මර් එක් ලකුණකටත් දැවී ගිය අතර, හෙන්රික් ක්ලාසෙන් නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Gudakesh Motie ලකුණු 75 කට කඩුලු 3 ක් දවා ගත්තා. ක්යල් මේයර්ස් ලකුණු 24 කට කඩුලු 2ක් බිද හෙලුවා.

big 3
Comments (0)
Add Comment