මහේලගෙන් පසු සදර්න් බ්‍රේව් භාර ගත් ෆ්ලෙමින්ග් ධූරයෙන් ඉවත් වෙයි

එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට ස්ටීවන් ෆ්ලෙමින්ග් තීරණය කර තිබෙනවා.

සිය පවුල සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි ඔහු එම තීරණය ගෙන ඇත්තේ.

2023 වසරේදී ඔහුව එම ධූරය සදහා පත් කළේ එතෙක් පුහුණුකරු ධූරයේ කටයුතු කළ මහේල ජයවර්ධන වෙනුවටයි.

අනතුරුව ඔහු බේව් කණ්ඩායමට තරග වාර දෙකකදී මග පෙන්වූ අතර, එම අවස්ථා දෙකේදීම සදර්න් බ්‍රේව් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

පසුගිය වසරේදී අවසන් මහා තරගය සදහා ද එම කණ්ඩායම සුදුසුකම් ලබා ගත් නමුත්, එම තරගය ඔවුන් පරාජයට පත් වුණා.

ෆ්ලෙමින්ග් වෙනුවට සදර්න් බ්‍රේව් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ Adrian Birrell.

බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයාර් ප්‍රාන්ත කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු වන ඔහු SA20 තරගාවලියේ පළමු අදියර දෙකේදීම Sunrisers Eastern Cape කණ්ඩායමට ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් මග පෙන්වනු ලැබුවා.

top
Comments (0)
Add Comment