මහේල සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරයට පත් වන බවට පල වන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ඒ, newswire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින්.

තේරීම් කමිටු සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අසන්ත ද මැල් මහතා පසුගියදා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග මේ වන විට අදාළ තනතුර පුරප්පාඩු වී පවතිනවා.

එම ධූරය සදහා බොහෝ විට කපිල විජේගුණවර්ධන මහතා හෝ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්වීමට ඉඩ ඇති බවයි වාර්තා වුණේ.

SRI LANKA NEWS
Comments (0)
Add Comment