දකුණු අප්‍රිකා දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ්ට පාකිස්තානය සමග පැවැත්වෙන අවසන් එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
පසුගිය 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය සදහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, තරගයට පෙර ශරීරිය උණුසුම් කිරීමේ ව්‍යායාමවල නිරතව සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරගය සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
පසුව ඔහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් අතර, අනතුරුව ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඔහු වෙනුවට Bjorn Fortuin සංචිතයට ආදේශ කර තිබෙනවා.
දෙරට අතර දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට ද මහරාජ් නම් කර ඇති පසුබිමකයි ඔහුට එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.
ඔහු සිය ආබාධය සුව කර ගැනීමේ පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගයට පෙර ඔහුගේ යෝග්‍යතාවය පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.