සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
ශාන් මසූඩ් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් කටයුතු කරන අතර, ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ආමර් ජමාල් හා නෝමන් අලී සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කඩුලු හයක් දවා ගත් කුරාම් ශහ්සාඩ් ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට නම් කර නැහැ.
බංග්ලාදේශයට එරෙහිව තරග 2-0 ක් ලෙස පාකිස්තානයේ දී ම පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වීමත් සමග නායක ශාන් මසූඩ්ගේ ධූරය සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල වුණා. නමුත්, ඔහුව තවදුරටත් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති අතර, උප නායකත්වය දරන්නේ සවුද් ශකීල්.
පාකිස්තානය අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග පහම මේ වන විට පරාජයට පත්ව ඇති අතර, එම තරග පහේ දී ම නායකත්වය දැරුවේ ශාන් මසූඩ්.
පාකිස්තානය අවසන් වරට සිය රටේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 10 තුළදීම ඔවුන් ජයග්‍රහනයක් වාර්තා කිරීමට සමත්ව නැහැ.
පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 7 වැනිදා මුල්තාන්හී දී ආරම්භ වීමට නියමිතයි.
Pakistan squad for first Test against England
Shan Masood (c), Saud Shakeel (vc), Aamer Jamal, Abdullah Shafique, Abrar Ahmed, Babar Azam, Mir Hamza, Mohammad Huraira, Mohammad Rizwan (wk), Naseem Shah, Noman Ali, Saim Ayub, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Shaheen Shah Afridi.