මසූඩ්ගේ හා ශෆික්ගේ ශතක හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව පාකිස්තානයට

Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(7) මුල්තාන් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානය පළමු දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328 ක්.

ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 102 ක් රැස් කළ අතර, නායක ශාන් මසූඩ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 151 ක්. මසූඩ්ගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 13 කින් වර්ණවත් වුණා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 253 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

සයීම් අයුබ් ලකුණු 4කටත්, බාබර් අසාම් ලකුණු 30 කටත් දැවී ගියා. සවුද් ශකීල් නොදැවී ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් ලකුණු 70 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා ජැක් ලීච් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Comments (0)
Add Comment