මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරඟයෙන් අවසන් පන්දුවේ දී තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළි හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරඟයේදී ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත්වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
තරගය ජය ගැනීම සදහා ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.
ආරම්භක පිතිකරු ව්රිධිමන් සහා පන්දු 38කින් වේගවත් ලකුණු 68ක් වාර්තා කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 11ක් සමගින්.
ෂුබ්මන් ගිල් ලකුණු 22කටත්, නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 10කටත්, ඩේවිඩ් මිලර් ලකුණු 17කටත් දැවී ගියේ තරගයේ පාලනය සන්රයිසස් කණ්ඩායමට නතු කරමින්. අභිනව් මනෝහාර් පළමු පන්දුවෙන්ම දැවී ගියා.
එම කඩුලු පහම දවා ගැනීමට සමත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික්.
ඔහු සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 25ක් පමණයි. ඔහුගේ මෙම පන්දු යැවීමේ දක්ෂතාවය මෙවර තරගාවලියේ දී පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.
තරගයේ ජයග්‍රහනය සිය කණ්ඩායමෙන් ගිලිහී යමින් පැවැති මොහොතක පිටියේ එක් වූ රාහුල් තෙවාටියා හා රෂීඩ් ඛාන් 6 වැනි කඩුල්ලට පන්දු 24කින් නොබිදුණු ලකුණු 59ක සබදතාවයක් ගොඩ නැගුවා.
තෙවාටියා පන්දු 21කින් හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින් ලකුණු 40ක් නොදැවී ලබා ගත් අතර, රෂීඩ් ඛාන් පන්දු 11කින් නොදැවී වේගවත් ලකුණු 31ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් ද සමගින්.
මාර්කෝ ජන්සෙන් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ගුජරාට් පිලට ලකුණු 22ක් අවශ්‍ය වුණා.
පළමු පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට තෙවාටියා සමත් වුණා.
සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය රෂීඩ් ඛාන් අවසන් පන්දුවාරයේ තෙවැනි, පස්වැනි හා හයවැනි පන්දුවලට හයේ පහර බැගින් එල්ල කරමින් ගුජරාට් කණ්ඩායමට සුපිරි ජයක් ගෙන ඒමට සමත් වුණා. (අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් නරඹන්න)
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මේ වන විට මෙවර තරග වාරයේ දී තරග 8ක් ක්‍රීඩා කර ඉන් තරග 7ක් ජය ගනිමිනුයි මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ.
අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 195ක් ලබා ගත්තේ කඩුලු 6ක් දැවී සිටියදීයි.
නායක කේන් විලියම්සන් ලකුණු 5කටත්, රාහුල් ත්‍රිපාති ලකුණු 16කටත් දැවී ගියා. අනතුරුව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 61කින් ලකුණු 96ක සබඳතාවක් ගොඩ නැගීමට අභිෂේක් ෂර්මා සහ ඒඩ්න් මාක්‍රම් සමත් වුණා.
අභිෂේක් පන්දු 42 කින් ලකුණු 65 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින්. මාක්‍රම් පන්දු 40ක් වැය කරමින් ලකුණු 56ක් රැස් කළා. හයේ පහර 3කින් සහ හතරේ පහර 2කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
ඉනිමට වේගවත් අවසානයක් ගෙන දුන් ශශාන්ක් සිං පන්දු 6කින් ලකුණු 25ක් ලබා ගත්තා.
ලොකී ෆර්ගසන් යොමු කළ සන්රයිසස් හයිදරාබාද් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී හයේ පහර 4ක් සමග ලකුණු 25ක් වාර්තා වීම කැපී පෙනුණු සිදුවීමක්. එම පන්දුවාරයේ අවසන් පන්දු 3ට ශශාන්ක් සිං හයේ පහර 3ක් එල්ල කළා.
පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි ලකුණු 39 කට කඩුලු 3ක් බිද හෙලුවා.
#GujaratTitans has done it again.
Last over highlights.#Rashidkhan #Tewatia #IPL2022 #GTvsSRH pic.twitter.com/MQHyEMGw1G
— 𝕽𝖆𝖙𝖓𝖆𝖉𝖊𝖊𝖕 (@_ratna_deep) April 27, 2022
— cric fun (@cric12222) April 27, 2022