2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් පත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වල නායකත්වය දරා ඇති ක්ලාක් 2015 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සදහා ද සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.
LPL තරගාවලියේ තානාපතිවරයෙකු ලෙස පත් වීම සම්බන්ධයෙන් මයිකල් ක්ලාක් මෙලෙස අදහස් පල කළා.
“I can’t wait to get back to Sri Lanka, a country I love playing in. Now, I have the opportunity to not just come and comment but also to be an ambassador for the LPL. I can’t wait—so much talent, so many young players, and lots of good overseas players. There is no doubt this tournament will continue to be a success.”
තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන Innovative Production Group FZE හි සභාපති අනිල් මොහාන් පල කළේ මෙවන් අදහසක්.
“We are thrilled to have Michael Clarke join us as the brand ambassador for LPL 2024. His vast experience, leadership skills, and unwavering passion for the game will undoubtedly inspire players and fans. We look forward to his contributions to making this season a truly memorable one.”
තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.
“Its great having a cricketing personality like Michael Clarke as the brand ambassador of the Lanka Premier League 2024, as this league is moving to become one of the most sought after contests of such nature in the world by providing the best competition, excitement and entertainment to the fans, while ensuring that the spirit of the game is protected. Michael Clarke’s entry, I am sure is going to further strengthen our goal”
LPL තරගාවලිය ජූලි පළමු වැනිදා සිට ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ පසුගියවර ශූරතාවය දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායම හා අනුශූරතාවය දිනූ දඹුල්ල කණ්ඩායම අතරයි.
මෙවර තරගාවලිය සදහා යොදා ගන්නා ක්‍රීඩාංගන සංඛ්‍යාව 3 ක්. ඒ අනුව පළමු තරග පහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, ඊළග තරග 9 රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද, මූලික වටයේ අවසන් තරග 6 හා අවසන් වටයේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.