මයාන්ක් අගාර්වල් හදිසියේ රෝහල් ගත කෙරේ

ඉන්දීය මුල් පෙල පිතිකරුවෙකු හා කර්නාටක කණ්ඩායමේ නායක මයාන්ක් අගාර්වල් ඉන්දියාවේ Agartala හි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ගුවන් යානයක් තුළදී පානීය ජලය යැයි සිතා යම් දියර වර්ගයක් පානය කිරීමෙන් පසුව ඇති වූ උගුරේ දැවිල්ලක් හා වමනය කිරීම හේතුවෙන් ඔහුව එලෙස වහාම රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, හෙට දිනයේ දී ඔහුට රෝහලෙන් පිටව යාමට හැකි වනු ඇති.

Comments (0)
Add Comment