තමා මේ වන විට කොවිඩ් 19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා 20යි 20 හා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.
ඒ අනුව තවත් දින දෙකකින් පමණ තමාට දෛනික වැඩ කටුයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව දසුන් ශානක කියා සිටියා.
එමෙන්ම ඉදිරියේ දී පුහුණුවීම් කටයුතු ද ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා නායකයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනේ සදහන්ව ඇත්තේ.
ඒ අනුව ඇතැම් විට එළඹෙන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇති.
සිම්බාබ්වේ තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එළඹෙන 7 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.