“මමත් විශ්වාස කරනවා මම තමයි ලංකාවේ හොදම කඩුලු රකින්නා කියලා” : දික්වැල්ල

පන්දුව දඟ කැවෙන තණතීරුවල කඩුලු රැකිය හැකි හොඳම ශ්‍රී ලංකා කඩුලු රකින්නා තමා බවට තමන් ද විශ්වාස කරන බව ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල පවසනවා.

පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයෙන් අනතුරුව අද (25) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව සඳහන් කළා.

පන්දුව දඟ කැවෙන තණතීරුවල දී කඩුලු රැකිය හැකි දක්ෂතම ශ්‍රී ලංකා කඩුලු රකින්නා නිරෝෂන් දික්වැල්ල බව මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී ධනංජය ද සිල්වා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් දික්වැල්ල ද සඳහන් කළේ තමා ද එම මතයට එකඟ වන බවයි.

නිමා වූ තරගවලදී ස්ටම්ප් කිරීමේ අවස්ථා කිහිපයක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවවලින් ඔහුට පසුගිය දිනවලදී විවේචන ද එල්ල වුණා.

කෙසේ වෙතත්, කඩුලු රැකීමේ දී අත්වැරැදීම් සිදු විය හැකි බවත්, එම වැරැදීම් සකස් කර ගනිමින් ඉදිරි තරග ක්‍රීඩා කිරීම වැදගත් වන බවත්, මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දික්වැල්ල වැඩිදුරටත් සදහන් කළා.

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ දී කඩුලු රැකීමට පමණක් නොව පිතිකරණයේ නිරත වීම ද දැඩි අසීරු වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment