“මමත් පීඩනයකින් තරගයට ආවෙ” : වනිදු හසරංග

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග කිහිපයේ දී තමා සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට අසමත් වීම හේතුවෙන් පාකිස්තානය සමග සුපිරි 4 වටය යටතේ පැවැති තරගයට ක්‍රීඩා කිරීමේ දී තමාට යම් පීඩනයක් පැවැති බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පවසනවා.

ඊයේ(9) පැවැති පාකිස්තානයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වනිදු ඒ බව සදහන් කළා.

තමා මෙම තරගයේ දී නිලකුණු පන්දු යොමු කිරීමට දැඩි උත්සාහයක් ගත් බවත්, එහි ප්‍රතිපලයක් ලෙස තමාට කඩුලු 3 ක් දවා ගැනීමට හැකි වූ බවත් ඔහු කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක් වූ නායක දසුන් ශානක සදහන් කළේ පාකිස්තානය සමග පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ද වනිදු හසරංගට සුවිශේෂී කාර්යයභාරයක් පැවරෙන බවයි.

පාකිස්තානයට එරෙහි තරගය හා ආසියානු කුසලාන තරගාවලියේ දී දැක් වූ දක්ෂතා සම්බන්ධයෙන් දසුන් ශානක හා වනිදු හසරංග තවදුරටත් අදහස් දැක් වූ අතර, එහි දර්ශන පහතින් නරඹන්න –

big 3
Comments (0)
Add Comment