මධ්‍යම කොන්ත්‍රාත් හිමි වූ ඉන්දීය ක්‍රීඩකයින් නිවේදනය කෙරේ – ප්‍රබලයින් කිහිප දෙනෙකු ඉවතට

රිය අනතුරකට මුහුණ දීම නිසා 2023 වසරේ දී කිසිදු තරගයක් ක්‍රීඩා නොකළ රිෂාබ් පාන්ට් B කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමි කර ගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නවතම වාර්ෂික (2023-24) මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්ගත වූ ක්‍රීඩක ලැයිස්තුව අද(29) නිවේදනය කළා.

ෂ්රෙයස් අයියර් හා ඉෂාන් කිෂන් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. අයියර් පසුගිය වසරේ දී B කාණ්ඩයට ඇතුළත්ව සිටි අතර, කිෂන් පසුගිය වසරේ දී C කාණ්ඩයට ඇතුළත්ව සිටියා.

පසුගිය වසරේ දී C කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමිව තිබූ උමේෂ් යාදව්, ශිකර් ධවාන්, දීපක් හූදා හා යුස්වේන්ද්‍ර චෙහල් ද කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් කර තිබෙනවා.

කේ එල් රාහුල්, ෂුබ්මන් ගිල් හා මොහමඩ් සිරාජ් A කාණ්ඩය දක්වා උසස් වීම් ලබා තිබීම ද විශේෂත්වයක්.

රිය අනතුරකට මුහුණ දීම නිසා 2023 වසරේ දී කිසිදු තරගයක් ක්‍රීඩා නොකළ රිෂාබ් පාන්ට් B කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමි කර ගෙන තිබෙනවා. පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත්තුවක් හිමි කර ගෙන සිටින යශස්වි ජයිස්වාල් ද B කාණ්ඩයට ඇතුළත්.

පසුගිය වසරේ දී A කාණ්ඩ‌යේ කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි වූ අක්සාර් පටෙල් මෙවර B කාණ්ඩයට මාරු කර ඇති අතර, රෝහිත් ෂර්මා, විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා හා රවීන්ද්‍ර ජඩේජා තවදුරටත් A+ කාණ්ඩයේ රැදී සිටිනවා.

2023 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට 2024 වසරේ සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයට අදාළ වන පරිදි මෙම නව කොන්ත්‍රාත්තු ලබා දී තිබෙනවා.

මෙම කාලයේ දී අවම වශයෙන් ටෙස්ට් තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 8ක් හෝ විස්සයි 20 ජාත්‍යන්තර තරග 10 ක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ස්වයංක්‍රීයවම C කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමි වනවා.

ඒ අනුව එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී තරග දෙකක් ක්‍රීඩා කර ඇති ධරුව් ජුරෙල් හා සර්ෆරාස් ඛාන් දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළහොත් ඔවුන් දෙදෙනා ද C කාණ්ඩයට ඇතුළත් වනු ඇති.

පසුගිය වසරේ දී ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත් වූ C කාණ්ඩයට මෙවර ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් ගණන 15 ක්. ඉන් 10 දෙනෙකු අලුතෙන් C කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, පසුගිය වසරේ දී එම කාණ්ඩයේ රැදී සිටි ක්‍රීඩකයින් අතරින් මෙවරත් එම කාණ්ඩයට ඇතුළත්ව ඇත්තේ ශර්දුල් තාකූර්, ‌වොෂින්ටන් සුන්දර්, සංජු සැම්සන්, ආර්ෂ්දීප් සිං හා කේ එස් භාරත් යන ක්‍රීඩකයින්.

කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩක ලැයිස්තුව –

  • Grade A+ (4 Athletes)

Rohit Sharma, Virat Kohli, Jasprit Bumrah and Ravindra Jadeja.

  • Grade A (6 Athletes)

R Ashwin, Mohd. Shami, Mohd. Siraj, KL Rahul, Shubman Gill and Hardik Pandya.

  • Grade B (5 Athletes)

Surya Kumar Yadav, Rishabh Pant, Kuldeep Yadav, Axar Patel and Yashasvi Jaiswal.

  • Grade C (15 Athletes)

Rinku Singh, Tilak Verma, Ruturaj Gaekwad, Shardul Thakur, Shivam Dube, Ravi Bishnoi, Jitesh Sharma, Washington Sundar, Mukesh Kumar, Sanju Samson, Arshdeep Singh, KS Bharat, Prasidh Krishna, Avesh Khan and Rajat Patidar.

  • Fast Bowling contracts

Akash Deep, Vijaykumar Vyshak, Umran Malik, Yash Dayal and Vidwath Kaverappa.

Comments (0)
Add Comment