මතීෂ පතිරණ ගැන චෙන්නායි කණ්ඩායම දැඩි තීන්දුවක් ගනියි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය සංචිතයෙන් නිදහස් කිරීමට චෙන්නායි කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, අද පස්වරු 3ට 2026 අදියර වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කළ යුතුව ඇති පසුබිමකයි.

චෙන්නායි කණ්ඩායම විසින් මතීෂ සමග පළමුව ගිවිසුම්ගත වූයේ 2023 තරගාවලිය සදහායි.

2025 තරගාවලිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 13 ක දැවැන්ත මිලකට එම කණ්ඩායම විසින් ඔහුව සිය සංචිතයේ රදවා ගැනීමට ද පියවර ගත්තා.

ඔහුව සංචිතයෙන් නිදහස් කළ ද අයි.පී.එල් වෙන්දේසියේදී යළිත් චෙන්නායි කණ්ඩායම විසින්ම ඔහුව මිලදී ගැනීමට උත්සාහයක් දරනු ඇති බවයි බොහෝ ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

පතිරණ සිය අයි.පී.එල් දිවියේදී තරග 32 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 47 ක්.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය අදියර දෙකේදී මෙන්ම මෙවර ද විදෙස් රටකදී වෙන්දේසිය පැවැත්වෙන අතර, ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබිහීදී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර 2024 වෙන්දේසිය ඩුබායිහීදී පැවැත්වුණා. 2025 වෙන්දේසිය පැවැත්වුණේ සෞදි අරාබියේදීයි.

top
Comments (0)
Add Comment