මංගල ශතකය වාර්තා කරමින් පැතුම් වාර්තා අතරට

ශ්‍රී ලංකා නවක පිතිකරු පැතුම් නිස්සංක සිය මංගල ටෙස්ට් තරගයේ දී ම අද සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ දී යි.

ඔහු පන්දු 252කින් ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 6ක් සමගින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ලකුණු 100ක් වාර්තා කළ සිව්වැනි පිතිකරුවා ලෙස ද ඔහු මෙම ඉනිමත් සමග ඉතිහාසයට එක් වුණා.

මීට පෙර සිය මංගල ටෙස්ට් තරගයේ දී ශතක වාර්තා කර තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු (201*), රොමේෂ් කලුවිතාරන (132*) සහ තිලාන් සමරවීර (103*) යන පිතිකරුවන් පමණයි.

SRI LANKA NEWS
Comments (0)
Add Comment