භාරත් අරුන්ට ශ්‍රී ලංකාවේ වේග පන්දුව හදන්න භාර වෙයි

ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා දින 14 ක පුහුණු කදවුරක් පැවැත්වීම සදහා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පුහුණු කදවුර ජූනි දෙවැනිදා සිට පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

භාරත් අරුන් මෙරට රැදී සිටින කාලයේදී ශ්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ඒ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා වයස අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග කටයුතු කිරීමට නියමිතයි.

ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්, ක්‍රීඩා සමාජ හා පළාත් පුහුණුකරුවන් ද ඔහුගේ පුහුණු කදවුරු සදහා එක්වීමට නියමිතව තිබෙනවා.

ඔහු පළමු පුහුණු සැසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා පිරිමි 19 න් පහළ කණ්ඩායම සමගයි.

භාරත් අරුන් 2014 වසරේ සිට 2021 වසර දක්වා ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළා.

top
Comments (0)
Add Comment