භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් St Kitts and Nevis Patriots කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් වාර්තා කිරීමට St Lucia Kings කණ්ඩායම සමත් වුණා.
ශාන්ත කිට්ස් හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Patriots කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා.
එවින් ලුවිස් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 54 කින්. ඒ, හයේ පහර 9 ක් හා හතරේ පහර 7ක් සමගින්. ක්යල් මේයර්ස් පන්දු 62 කින් ලකුණු 92 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.
පන්දු යැවීමේ දී ඩේවිඩ් වීසා ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kings කණ්ඩායම පන්දුවාර 17.2 ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, සිව්වැනි කඩුල්ල ලකුණූ 24 දී දැවී ගිය පසුබිමකයි.
සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය භානුක රාජපක්ෂ පන්දු 35 කින් නොදැවී ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් සමගින්. (දර්ශන පහතින්)
ටිම් සයිෆර්ට් පන්දු 27 කින් 64 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර හයක් හා හතරේ පහර 4 ක් සමගින්.
පන්දු යැවීමේ දී අන්රික් නොකියා හා ක්යල් මේයර්ස් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.
— cric sl (@cricslvideo) September 2, 2024