ඇෆ්ඝනිස්තානයේ සිදු වූ කාර් බෝම්බ පිපිරීමකින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලාහ් ශින්වාරි (Bismillah Jan Shinwari) මිය ගොස් තිබෙනවා.
පිපිරීමෙන් 36 හැවිරිදි ඔහුගේ පවුලේ තවත් සාමාජිකයින් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම මෙම පිපිරීමෙන් පුද්ගලයින් 15 දෙනෙකුට වැඩි පිරිසකට දිවි අහිමි වී ඇති අතර, තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.