බෙන් ස්ටොක්ස්ගේ නිවස කොල්ලකයි ; ඡායාරූප නිකුත් කරමින් ස්ටොක්ස්ගෙන් ඉල්ලීමක්

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ගේ නිවස මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් මංකොල්ලකා තිබෙනවා.

ඔහු නිමා වූ පාකිස්ථාන තරග සංචාරයේ නිරත වෙමින් සිටින අතරතුරදීයි මෙම කොල්ලකෑම සිදුව ඇත්තේ.

ඔක්තෝම්බර් 17 වැනිදා පස්වරුවේ මෙම සොරකම සිදුවන අවස්ථාවේදී නිවස තුළ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණක් රැඳී සිට ඇති බව සඳහන්.

ඔවුන්ට ශාරීරිකව කිසිදු හානියක් සිදුව නැතත් ඔවුන් මෙම සිද්ධිය නිසා මානසිකව ඇද වැටී ඇති බවයි ස්ටොක්ස් පෙන්වා දෙන්නේ.

සොරුන් විසින් ස්වර්ණාභරණ සහ  පදක්කම් ඇතුළු නැවත ආදේශ කළ නොහැකි වටිනා භාණ්ඩ රැසක් ද කොල්ලකා ඇති බව ස්ටොක්ස් සදහන් කළා.

සොරකම් කරන ලද භාණ්ඩ රැසක ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔහු මෙම සොරකම සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

1st news
Comments (0)
Add Comment