නවසීලන්තය සමග එළඹෙන 28 වැනිදා ක්‍රයිස්චර්ච්හීදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.
ඒ අනුව එම තරගයේ දී ජේකබ් බෙතෙල් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත අතර, ඔහු අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට ද නියමිතයි.
මෙතෙක් අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් ඔලී පෝප්ට කඩුලු රැකීමේ වගකීම සමග අංක 6 ස්ථානයේ පන්දුවට පහර දීමට අවස්ථාව සලසා දීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම වෙනස්කම් සිදු කිරීමට එංගලන්තයට සිදු වුණේ පුහුණුවීම් අතරතුරදී දකුණු මාපටැඟිල්ලෙහි සිදු වූ අස්ථි බිදී යාමක් නිසා ජෝර්ඩන් කොක්ස්ට තරග 3 කින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීම හේතුවෙන්.
එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මෙම ටෙස්ට් තරග සංචාරයට එක් නොවන අතර, ඔහු වෙනුවට ජෝර්ඩන් කොක්ස් මෙම තරගාවලියේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව සිටියා.
මේ අතර, දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන ශූරතා කුසලානය Crowe-Thorpe කුසලානය ලෙස නම් කර තිබෙනවා. Martin Crowe හා Graham Thorpe යන හිටපු ක්‍රීඩකයින්ට උපහාරයක් වශයෙනුයි එම නමින් කුසලානය නම් කර ඇත්තේ.
England Playing XI:
Zak Crawley, Ben Duckett, Jacob Bethell, Joe Root, Harry Brook, Ollie Pope (wk), Ben Stokes (C), Chris Woakes, Gus Atkinson, Brydon Carse, Shoaib Bashir