බුම්රාටත් සිව්වන තරගය අහිමි වෙයි – ඉන්දියාව ආබාධ අර්බුදයක

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ ඔහු උදරයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ඔහුට අමතරව මෙල්බර්න්හී දී පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක් වූ මයාන්ක් අගාර්වල්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද තවදුරටත් ඇත්තේ අපැහැදිලි බවක්.

වම් මාපටැගිල්ලෙහි අස්ථි බිදීයාමක් හේතුවෙන් රවීන්ද්‍ර ජඩේජාට ද සිව්වන තරගය අහිමි වී ඇති අතර, කේ.එල්. රාහුල්, මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව් යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් යළි ඉන්දියාව වෙත පිටව ගොස් සිටිනවා.

තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ආබාධවලට ලක්ව පන්දුවට පහර දුන් රවිචන්ද්‍රන් අශ්වින් සහ හනුමා විහාරිගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

Comments (0)
Add Comment