පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා බිස්මාහ් මරූෆ් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
කෙසේ වෙතත්, තමා තවදුරටත් ක්‍රීඩිකාවක් ලෙස පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් බවයි ඇය සදහන් කර ඇත්තේ.
නිමා වූ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානයට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ පසුබිමක බිස්මාහ් මරූෆ් මෙලෙස නායකත්වයෙන් ඉවත් වීමේ තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.
ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග හතරෙන් ජය ගත්තේ එක් තරගයක් පමණයි.
මරූෆ් පාකිස්තාන කණ්ඩායමේ නායිකාව බවට පත් වුණේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.
ඇයගේ නායකත්වය යටතේ පාකිස්තානය එක්දින තරග 34 කින් තරග 16 ක් ද, 20යි 20 තරග 62 කින් තරග 27 ක් ද ජය ගත්තා.
පාකිස්තාන කණ්ඩායමේ නව නායිකාව ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.