බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට සන්දීප්ට චෝදනා

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායක හා විශිෂ්ඨ දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

කත්මන්ඩු නුවර 17 හැවිරිදි දැරියක් විසින් මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට පොලීසිය තහවුරු කර තිබෙනවා.

අතවරයට ලක් වූ බව කියන 17 හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති බව සදහන්.

ඇය සදහන් කර ඇත්තේ අගෝස්තු 21 වැනිදා ඔහු විසින් තමාව හෝටලයකදී දෙවරක් අතවරයට ලක් කල බවයි.

nepal news
Comments (0)
Add Comment