බාබර් හා රිස්වාන් T20I සංචිතයෙන් නෙරපයි – නව නායකයෙකුත් පත් කෙරේ

පාකිස්තාන පන්දුවාර විස්සයි 20 කණ්ඩායමේ නායක මොහමඩ් රිස්වාන් හා බාබර් අසාම් නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

සංචිතය සදහා ශඩාබ් ඛාන් කැදවා ඇති අතර, ඔහුට උප නායකත්වයේ වගකීම ද පවරා දීමටයි පියවර ගෙන ඇත්තේ.

සල්මාන් ආගා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙනවා.

මේ අතර, එක්දින සංචිතයෙන් ශහීන් ශාහ් අෆ්රිඩි ඉවත් කර ඇති අතර, රිස්වාන් එම සංචිතයේ නායකත්වය රැක ගැනීමට සමත්ව තිබෙනවා.

බාබර් අසාම් ද සංචිතයට ඇතුළත් අතර, අබ්දුල්ලාහ් ශෆික් යළි සංචිතයට නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

දකුණු අප්‍රිකාවේදී වළලුකර ආබාධයකට ලක් වූ සයීම් අයුබ් මෙම සංචිත සදහා ද තෝරා ගැනීමට නොහැකි වී ඇති අතර, මොහමඩ් හැරිස් සංචිතයට කැදවා තිබෙනවා.

නවසීලන්ත සංචාරයේදී පාකිස්තානය හා නවසීලන්තය අතර මාර්තු 16 වැනිදා සිට විස්සයි 20 තරග 5ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Pakistan T20I squad: Hasan Nawaz, Omair Yousuf, Mohammad Haris, Abdul Samad, Salman Agha (c), Irfan Niazi, Khushdil Shah, Shadab Khan, Abbas Afridi, Jahandad Khan, Mohammad Ali, Shaheen Afridi, Haris Rauf, Sufiyaan Muqeem, Abrar Ahmed, Usman Khan

Pakistan ODI squad: Mohammad Rizwan (c), Salman Agha, Abdullah Shafique, Abrar Ahmed, Akif Javed, Babar Azam, Faheem Ashraf, Imam-ul-Haq, Khushdil Shah, Mohammad Ali, Mohammad Wasim Jnr, Irfan Niazi, Naseem Shah, Sufiyan Muqeem, Tayyab Tahir.

top
Comments (0)
Add Comment