බ්‍රෝඩ්ගේ කඩුලු 2 පළමු අළුබදුන සටන තියුණු අවසානයකට මග පාදයි

Day 4 Report

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර බර්මිංහැම්හි Edgbaston ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ(19) රාත්‍රියේ නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 281 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 107 ක්.

ඩේවිඩ් වෝනර් ලකුණු 36 කට දවා ගැනීමට ඔලී රොබින්සන් සමත් වූ අතර, මර්නස් ලබුෂේන් හා ස්ටීවන් ස්මිත් පිළිවෙලින් ලකුණු 13 කට හා 6කට දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් සමත් වුණා. උස්මාන් කවාජා නොදැවී ලකුණු 34 ක් හා ස්කොට් බෝලන්ඩ් නොදැවී ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී ජයග්‍රහනය සදහා ඔස්ට්‍රේලියාව තවත් ලකුණු 174 ක් ලබා ගත යුතු අතර, එංගලන්තය තවත් කඩුලු 7 ක් දවා ගත යුතුයි.

සිව්වැනි දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 273 ක් ලබා ගැනීමට සමත් වුණා.

ජෝ රූට් හා හැරී බෘෘක් ලකුණු 46 බැගින් රැස් කළ අතර, නායක බෙන් ස්ටොක්ස් ලකුණු 43 යි. ඔලී රොබින්සන් ලකුණු 27 ක් ද, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 20 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක පැට් කමින්ස් හා නේදන් ලයන් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 386 ක්.

big 3
Comments (0)
Add Comment