එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස්ට මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ අනුව බදාදා පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තානයට එරෙහි තීරණාත්මක තරගය ද ඔහුට අහිමි වනවා.
ඔහුගේ වම් පාදයේ ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් බ්‍රයිඩන් කාර්ස්ට සදුදා පැවැති පුහුණුවීම් කටයුතුවලට ද එක්වීමට හැකි වූයේ නැහැ.
ඔහු වෙනුවට පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.