බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කාර්යය සාධන උපදේශක ලෙස කටයුතු කිරීමට බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු මෙන්ම හිටපු නායකයෙකු වන බ්‍රයන් ලාරා එකගතාවය පල කර තිබෙනවා.
සියලු තරග රටාවලදී සියලු කොදෙව් ජාතික කණ්ඩායම් සමග ඔහු කටයුතු කිරීමට නියමිත බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ක්‍රීඩකයින්ට උපක්‍රමශීලී උපදෙස් ලබා දීම හා තරග අවබෝධය ලබා දීම ලාරාගේ නව භූමිකාව වනු ඇති.
ක්‍රිකට් අධ්‍යක්ෂ ජිමී ඇඩම්ස් සමග කටයුතු කරමින් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම ද බ්‍රයන් ලාරාට පැවරෙන වගකීම් අතර වනවා.
පෙබරවාරි 4 වැනිදා සිම්බාබ්වේ හී දී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී කොදෙව් කණ්ඩායම සමග කටයුතු කිරීම නව තනතුරට පත් වීමෙන් පසුව ලාරාගේ පළමු වගකීම බවට පත් වනු ඇති.
[…] – Source – […]