බබාර්ට පළමු ස්ථානය අහිමි වෙයි

පන්දුවාර 20යි 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට එංගලන්තයේ ඩාවිඩ් මලාන් සමත් වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමත් සමගයි.

ඔහු මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටියේ පස් වන ස්ථානයේ යි.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 877ක්.

ඒ අනුව මෙතෙක් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ පාකිස්තානයේ බබාර් අසාම්ට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

මේ අතර, නිමා වූ 20යි 20 තරගාවලියේ දී දක්ෂතා දැක් වූ එංගලන්තයේ අඩිල් රෂීඩ් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

 

Comments (0)
Add Comment