බන්දුල වර්ණපුර දැඩි සත්කාරක ඒකකයේ

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා එලෙස රෝහල් ගත කර ඇත්තේ මීට දින 3කට පමණ පෙරයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු නායකයා වන බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට හා එක්දින තරග 12කට ක්‍රීඩා කර තිබුණා.

SRI LANKA NEWS
Comments (0)
Add Comment