බට්ලර්ට එක්දින තරගාවලිය අහිමි වෙයි – එක්දින කණ්ඩායමට නව නායකයෙක්

එංගලන්ත නායක ජොස් බට්ලර්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටන් පළමු වරට මෙම තරගාවලියේ දී එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

පාදයක ආබාධයක් හේතුවෙන් බට්ලර් 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව මේ දක්වා කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

එක්දින තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට මීට පෙර ජොස් බට්ලර් නම් කර තිබූ නමුත්, ඔහු තවමත් සම්පූර්ණයෙන්ම සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන බැවින් ඔහුට එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, බට්ලර් දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති කඩුලු රකින පිතිකරුවෙකු වන Michael Pepper එංගලන්ත සීමිත පන්දුවාර සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ දිනවල පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයක නිරත එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ද කොදෙව් සංචාරය සදහා නම් කිරීමට නියමිතව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක්දින තරගාවලිය ඔක්තෝබර් 31 වැනිදා ද, විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 9 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

England Men’s squad for white ball tour of West Indies

  1. Jos Buttler (C) T20 series only
  2. Jofra Archer
  3. Jacob Bethell
  4. Jafer Chohan
  5. Sam Curran
  6. Will Jacks
  7. Liam Livingstone
  8. Saqib Mahmood
  9. Dan Mousley
  10. Jamie Overton
  11. Michael Pepper
  12. Adil Rashid
  13. Phil Salt
  14. Reece Topley
  15. John Turner

*Two further players to be added from Test squad currently in Pakistan.

Schedule :

1st ODI: Antigua, October 31
2nd ODI: Antigua, November 2
3rd ODI: Barbados, November 6
1st T20I: Barbados, November 9
2nd T20I: Barbados, November 10
3rd T20I: St Lucia, November 14
4th T20I: St Lucia, November 16
5th T20I: St Lucia, November 17

top
Comments (0)
Add Comment