බට්ලර්ට අවසන් තරගය අහිමි වෙයි

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පෞද්ගලික හේතුවක් මත සංචිතයෙන් ඉවත් වීම හේතුවෙන්.

ඊයේ(6) ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් පසුව ජොස් බට්ලර් සංචිතයේ ජෛව ආරක්ෂිත පරිසරයෙන් ද ඉවත්ව ඇති බව සදහන්.

දෙවැනි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ජොස් බට්ලර්.

ඔහු පසුගිය සති 10ක පමණ කාලය තුළ සංචිතයේ ජෛව ආරක්ෂිත පරිසරය තුළම රැදී සිටීම හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් සමග එක්වීමට අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ලබන 11 වනදා දෙරට අතර ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජොස් බට්ලර් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Comments (0)
Add Comment