බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක් ආරම්භ කරමින් හෙට(21) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙම සංචාරයේ දී ඔවුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමග එක්දින තරග 3ක් හා තෙදින තරග 2 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තරග කාලසටහන –
- 24th November 2024 – 1st One Day : GICS, Galle
- 26th November 2024 – 2nd One Day : GICS, Galle
- 28th November 2024 – 3rd One Day : GICS, Galle
- 1st to 3rd December 2024 – First 3 Day Game : GICS, Galle
- 6 to 8th December 2024 – Second 3 Day Game : GICS, Galle