ජූලි 9 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ඉන්දීය සීමිත පන්දුවාර සංචිත නම් කර තිබෙනවා.
වේග පන්දු යවන ක්‍රීඩිකා Renuka Singh, කඩුලු රකින පිතිකාරිණී Richa Ghosh, තුන් ඉරියව් ක්‍රීඩිකා Shikha Pandey හා වමත් දග පන්දු යවන ක්‍රීඩිකා Rajeshwari Gayakwad සංචිත සදහා නම් කර නොතිබීම විශේෂත්වයක්.
ඔවුන් සංචිතවලට නම් නොකිරීමට හේතුව කුමක්දැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර නැහැ.
එම ක්‍රීඩිකාවන් අතරින් 2022-23 තරග වාරය වෙනුවෙන් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි නොමැති ක්‍රීඩිකාව වන්නේ Shikha Pandey පමණයි.
ක්‍රීඩිකාවන් තිදෙනෙකු ජාතික සංචිතයට පළමු වරට නම් කර තිබීම ද කැපී පෙනෙනවා. Minnu Mani 20යි 20 සංචිතය සදහා පමණක් නම් කර ඇති අතර, Anusha Bareddy හා Rashi Kanojiya සංචිත දෙක සදහාම ඇතුළත්.
මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
India’s T20I squad:
Harmanpreet Kaur (C), Smriti Mandhana (VC), Deepti Sharma, Shafali Verma, Jemimah Rodrigues, Yastika Bhatia (wk), Harleen Deol, Devika Vaidya, Uma Chetry (wk), Amanjot Kaur, S. Meghana, Pooja Vastrakar, Meghna Singh, Anjali Sarvani, Monica Patel, Rashi Kanojiya, Anusha Bareddy, Minnu Mani.
India’s ODI squad:
Harmanpreet Kaur (C), Smriti Mandhana (VC), Deepti Sharma, Shafali Verma, Jemimah Rodrigues, Yastika Bhatia (wk), Harleen Deol, Devika Vaidya, Uma Chetry (wk), Amanjot Kaur, Priya Punia, Pooja Vastrakar, Meghna Singh, Anjali Sarvani, Monica Patel, Rashi Kanojiya, Anusha Bareddy, Sneh Rana.