බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ශොරිෆුල් ඉස්ලාම්ට මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.
ඒ, ඔහු ඉන්දියාව සමග ඊයේ(1) පැවැති පුහුණු තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන්.
මෙම තරගයේ දී පන්දුවක් වැදීම නිසා ඔහුගේ වම් අතෙහි මෙම ආබාධය සිදු වූ අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී ඔහුගේ වම් අතට මැහුම් හයක් යෙදීමට කටයුතු කර තිබූ බව සදහන්.
ආබාධය සම්පූර්ණයෙන් සුව වීම සදහා ඔහුට සතියක පමණ කාලයක් අවම වශයෙන් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව සමග එළඹෙන 7 වැනිදා ඩලස්හී දී පැවැත්වෙන තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට නොහැකි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉන්දියාව සමග පැවැති පුහුණු තරගයේ දී ශොරිෆුල් ඉසලාම් පන්දුවාර 3.5 ක් යොමු කරමින් ලකුණු 26 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
සිය අවසන් පන්දුවාරයේ දී හර්ඩික් පාන්ඩ්යා එල්ල කළ පහරකින් පසුව තමා වෙත ඇදී ආ පන්දුව වම් අතෙහි වැදීමත් සමගයි ශොරිෆුල් මෙම ආබාධයට මුහුණ දුන්නේ. ඒ හේතුවෙන් ඔහුට සිය පන්දුවාර 4 සම්පූර්ණ කිරීමට ද හැකි වූයේ නැහැ.