බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(23).

සිල්හෙට් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 32 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 ක්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 47 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක් දවා ගත් අතර, කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 280 ක්. ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භ කළේ පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 92 ක වාසියක් ද සහිතවයි.

Comments (0)
Add Comment