සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(24) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙකටම විවර කරමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 145 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 45 ක් ලබා අසීරු තත්ත්වයක පසු වූ අතර, ඔවුන් තරගය ජය ගැනීමටනම් තවත් ලකුණු 100 ක් ලබා ගත යුතුයි.
කේ එල් රාහුල් ලකුණු 2කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 7 කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 6 කටත්, විරාට් කෝලි එක් ලකුණකටත් දැවී ගියා. කෝලි දැවී යාමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් හා ඔහු අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වනු දක්නට ලැබුණා. (දර්ශන කිහිපයක් පහතින් නරඹන්න)
අක්සාර් පටෙල් නොදැවී ලකුණු 26 ක් හා ජයිදේව් උනඩ්කට් නොදැවී ලකුණු 3 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ශකිබ් අල් හසාන් එක් කඩුල්ලක් දවා ගත්තා.
මීර්පූර්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 227 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 314 ක් රැස් කළා.
බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 231 ක්. ලිටොන් දාස් ලකුණු 73 ක් ලබා ගත් අතර, සාකීර් හසාන් ලකුණු 51 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 68 කට කඩුලු 3 ක් දවා ගත්තා.
— CricDaily24 (@cricday96) December 24, 2022
Bhai sharam? #ViratKohli𓃵 #INDvBAN pic.twitter.com/GcAKrMzdtl
— WA88 (@naseemshawstan) December 24, 2022
[…] – Source – […]