බංග්ලාදේශ ටෙස්ට් නායකයාටත් කොරෝනා

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක මොමිනුල් හක්ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

ඔහුගෙන් කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයේ දී යි මේ බව තහවුරු වී ඇත්තේ.

මොමිනුල් හක්ව මේ වන විට ඔහුගේ නිවසේම හුදෙකලා කර ඇති බව සදහන්.

ඒ අනුව නොවැම්බර් තෙවැනි සතියේ දී ආරම්භ වීමට නියමිත බංගබන්දු 20යි 20 තරගාවලියේ ආරම්භක තරග සදහා ද ඔහුගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිත වී තිබෙනවා.

Comments (0)
Add Comment