බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ වැටුප් ඉහළට – අමතර ක්‍රීඩිකාවන් 30 දෙනෙකුටත් ජාතික කොන්ත්‍රාත්තු

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අමතර ක්‍රීඩිකාවන් 30 දෙනෙකු සදහා ජාතික කොන්ත්‍රාත්තු ලබා දී තිබෙනවා. ඒ, මධ්‍යම කොන්ත්‍රාත් හිමි ක්‍රීඩිකාවන් 18 දෙනාට අමතරවයි.

කොන්ත්‍රාත් හිමි වූ නව ක්‍රීඩිකාවන්ට 2025 වසරේ ජූනි මාසය දක්වා මාසික වැටුපක් හිමි වීමට නියමිතයි.

2024 ඔක්තෝබර් මාසයේ සිට 2025 ජූනි මාසය දක්වා මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්ගතව ඇති ක්‍රීඩිකාවන්ට හිමි වැටුප් ඉහළ නැංවීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩයේ හා B කාණ්ඩයේ ක්‍රීඩිකාවක් පිළිවෙලින් බංග්ලාදේශ ටකා (BDT) 120,000 ක හා 100,000 ක වැටුපක් මාසිකව ලැබීමට නියමිතයි. එය BDT 20,000 ක ඉහළ යාමක්.

C කාණ්ඩයේ හා D කාණ්ඩයේ ක්‍රීඩිකාවක් BDT 70,000 ක හා BDT 60,000ක වැටුපක් ද ලැබීමට නියමිතව තිබෙනවා. එය BDT 10,000 ක ඉහළ යාමක්.

මීට අමතරව තරග හා තරගාවලි ජයග්‍රහනයන් වෙනුවෙන් දීමනා ලබා දීමක් සිදු කිරීමට ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Bangladesh women’s central contracts for October 2024 to June 2025 –

  • Grade A (BDT 120,000): Nigar Sultana Joty, Fargana Haque, Ritu Moni, Nahida Akter
  • Grade B (BDT 100,000): Fahima Khatun, Shamima Sultana, Sharmin Akhter, Murshida Khatun, Marufa Akter, Rabeya Khan
  • Grade C (BDT 70,000): Sobhana Mostary, Lata Mondal, Jahanara Alam, Shorna Akter
  • Grade D (BDT 60,000): Disha Biswas, Sultana Khatun, Dilara Akter, Shathi Rani

Bangladesh women with national contracts

Salma Khatun, Rumana Ahmed, Ishma Tanjim, Fariha Trisna, Sumaiya Akter, Sharmin Sultana, Rubya Haider, Farzana Akter, Suraya Azmim, Puja Chakroborty, Nishita Akter Nishi, Shampa Biswas, Jannatul Ferdus Sumona, Sabikun Nahar Jesmin, Sanjida Akter Meghla, Fatema Jahara, Reya Akter Shika, Misty Shaha, Jannatul Ferdous Tithi, Ayesha Akter (Jr.), Fuara Begum, Mosammat Eva, Sumaiya Akter Shuborna, Jannatul Maoua, Dipa Khatun, Afia Ashima Era, Unnoti Akter, Taj Nehar, Shorifa Khatun

Comments (0)
Add Comment