බංග්ලාදේශය 242/5 – Day 1 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) Chattogram හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු දිනය නිමා වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 242ක් ලබා සිටියා.

ශඩ්මන් ඉස්ලාම් ලකුණු 59ක් සහ මුශ්ෆිකර් රහීම් ලකුණු 38ක් රැස් කළා.

ශකිබ් අල් හසාන් ලකුණු 39ක් සහ ලිටොන් දාස් ලකුණු 34ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Jomel Warrican කඩුලු 3ක් දවා ගත්තා.

Comments (0)
Add Comment