බංග්ලාදේශය හා ඇමෙරිකාව අතර විස්සයි 20 තරගාවලියක්

බංග්ලාදේශ කණ්ඩායම මැයි මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේ දී බංග්ලාදේශය හා ඇමෙරිකාව අතර විස්සයි 20 තරග තුනකින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මෙම කණ්ඩායම් දෙක අතර මීට පෙර කිසිදු විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් පවත්වා නැහැ.

ජූනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගනු ඇති.

මීට අමතරව ඇමෙරිකාව අප්‍රේල් මාසයේ දී කැනඩාවට එරෙහිව තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

සියලු තරග ටෙක්සාස්හි හූස්ටන් හි Prairie View Cricket සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශය මීට පෙර ඇමෙරිකාවේ දී විස්සයි 20 තරග දෙකක් ක්‍රීඩා කර ඇති අතර, එම තරග දෙකම කොදෙව්වන්ට එරෙහිවයි ක්‍රීඩා කර තිබුණේ.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරග දෙක ශ්‍රී ලංකාවට හා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩලස් හා නිව් යෝර්ක් හී දී පැවැත්වීමට නියමිතයි.

USA vs Bangladesh T20I fixtures

  • 1st T20I 21st May
  • 2nd T20I 23rd May
  • 3rd T20I 25th May

USA vs Canada T20I fixtures

  • 1st T20I 7th April
  • 2nd T20I 9th April
  • 3rd T20I 10th April
  • 4th T20I 12th April
  • 5th T20I 13th April
Comments (0)
Add Comment