බංග්ලාදේශය හා අයර්ලන්තය 20යි 20 ලෝක කුසලානයට

ලබන වසර මුල දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම හා අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, අබුඩාබි හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය සදහා එම කණ්ඩායම් දෙක සුදුසුකම් ලබා ගැනීමත් සමගයි.

අවසන් පූර්ව වටයේ දී බංග්ලාදේශය හමුවේ තායිලන්ත කණ්ඩායමත්, අයර්ලන්තය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමත් පරාජයට පත් වුණා.

පළමු අවසන් පූර්ව තරගයෙන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම ජය වාර්තා කළේ ලකුණු 4 කින්.

දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 11 ක ජයක් බංග්ලාදේශය වාර්තා කළා.

Comments (0)
Add Comment