බංග්ලාදේශය සිය ප්‍රධාන පුහුණුකරුගේ අනාගතය ගැන තීරණයක් ගැනීමට සූදානම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රසල් ඩොමින්ගෝගේ අනාගතය සම්බන්ධයෙන් එළඹෙන 22 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් තීරණයක් ගැනීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් මේ වන විට ඉගි පල කර ඇත්තේ එරට ප්‍රධාන පුහුණුකරු ධූරයන් තරග රටා අනුව වෙන් වෙන්ව පවත්වා ගෙන යාම පිළිබද අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව ඩොමින්ගෝ ඉදිරියේ දී බොහෝ විට ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ පුහුණුකරු ලෙස පමණක් කටයුතු කිරීමට ඉඩ ඇති බව සදහන්.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මීට දින කිහිපයකට පෙර ද සදහන් කර සිටියේ ආසියානු කුසලානයට පෙර ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සූදානමින් පසුවන බවයි.

බංග්ලාදේශය මේ වන විටත් ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාවේ Sridharan Sriram කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කර තිබෙනවා.

සිම්බාබ්වේ හී දී බංග්ලාදේශ කණ්ඩායම 20යි 20 හා එක්දින තරගාවලි පරාජයට පත්වීමත් සමගයි ප්‍රධාන පුහුණුකරු රසල් ඩොමින්ගෝගේ ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු වුණේ.

big 3
Comments (1)
Add Comment
  • Madushanka

    ඊට පස්සෙ ගොඩ යයි ද?