බංග්ලාදේශය ලකුණු 410 ක් පිටුපසින්

Day 2 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර Antigua හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(24) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 450 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට තවත් ලකුණු 410 ක් පිටුපසින් පසුවනවා.

කොදෙව් ඉනිම වෙනුවෙන් Justin Greaves නොදැවී ලකුණු 115 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගින්. Mikyle Louis ලකුණු 97 ක් ලබා ගත් අතර, Alick Athanaze ලකුණු 90 යි.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 87 කට කඩුලු 3 ක් දවා ගත්තා. ටස්කින් අහ්මඩ් හා මෙහිදි හසාන් මිරාස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු බංග්ලාදේශ ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 5 කටත්, සාකීර් හසාන් ලකුණු 15 කටත් දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 7 ක් හා ශහඩාට් හොසේන් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. Jayden Seales හා Alzarri Joseph කඩුල්ල බැගින් බිද හෙලුවා.

Comments (0)
Add Comment