බංග්ලාදේශය පූර්ණ තරගාවලි පරාජයකින් ගැළවෙයි

Match Report

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(13) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 102 ක් පමණයි.

Harmanpreet Kaur ලකුණු 40 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Rabeya Khan කඩුලු 3 ක් බිද හෙලූ අතර, Sultana Khatun කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Shamima Sultana ලකුණු 42 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Minnu Mani හා Devika Vaidya කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

Comments (0)
Add Comment