පොන්ටින්ට IPL පිටියෙන් නව වගකීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස රිකී පොන්ටින් පත් කර තිබෙනවා.

ඔහු පසුගිය වසර හතක කාලය තුළ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, මීට මාස දෙකකට පමණ පෙර පොන්ටින්ට එම ධූරය අහිමි වුණා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව ඔහු පංජාබ් කණ්ඩායම සමග වසර 4ක ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

පසුගිය තරගාවලියේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ට්‍රෙවර් බේලිස් කටයුතු කළා.

Comments (0)
Add Comment