සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා New Zealand XI කණ්ඩායම අතර පැවැති පුහුණු පන්දුවාර 10 ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකාව ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට අද(23) සමත් වුණා.
කණ්ඩායම් දෙක අතර Lincoln හි පැවැති පුහුණු විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතක ජයක් ලැබීමෙන් පසුවයි මෙම තරගය පැවැත්වුණේ. එම තරගය ඉක්මණින් අවසන් වීම හේතුවෙන් මෙම T10 තරගය පැවැත්වුණා.
පන්දුවාර 10 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ New Zealand XI කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 2 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණයි.
පුහුණු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය පැතුම් නිස්සංක මෙම තරගයේදී ලකුණු 31(15) ක් රැස් කර සිටියදී පිටියෙන් ඉවත් වුණා. පැතුම්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. එම විස්සයි 20 තරගයේදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් T10 පුහුණු තරගයේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 13(9) ක්.
අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 16 කින් ලකුණු 25 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. වනිදු හසරංග ලකුණු 27 ක් රැස් කළේ පන්දු 11 කින් හයේ පහර 2ක් හා හතරේ පහර 3 ක් සමගින්.
නායක චරිත් අසලංක නොදැවී ලකුණු 13(8) ක් ද, චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 6(4) ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී Ben Lister හා Matthew Fisher කඩුල්ල බැගින් බිද හෙලුවා.
පිළිතුරු නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Matthew Boyle. ඔහු පන්දු 34 කින් නොදැවී ලකුණු 57 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්. Joe Carter ලකුණු 23(18) යි.
පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 10 කට කඩුලු දෙකක් දවා ගත්තා.
Sri Lanka couldn’t have asked for a better start to their tour of New Zealand. They chased down 95 in just 11 overs, then took on a bonus 10-over warm-up game and smashed 128 for two batting first. Two wins in one day, setting the perfect tone for the tour!
— Rex Clementine (@RexClementine) December 23, 2024