පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හතක පරාජයක්

Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති සිව්දින පුහුණු ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්. ඔවුන් අද දිනයේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

Rob Yates නොදැවී ලකුණු 57 ක් හා James Rew නොදැවී ලකුණු 23 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු දෙකක් බිද හෙලුවා.

වොස්ටර් හී දී ‌පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 324 ක්.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 306 කට සීමා කිරීමට එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් සමත් වුණා.

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 21 වැනිදා මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment