පෙර සැලසුම් කළ පරිදි මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු නොදීමට ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී තීරණය කර තිබෙනවා.
සිය පුත්‍රයා වන Hassan Eisakhil සමග එකට ඇෆ්ඝනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමටයි ඔහු අපේක්ෂාවෙන් පසුවන්නේ.
තමා ශූරයින්ගේ කුසලානයෙන් පසුව එක්දින පිටියට සමු දෙන බව 40 හැවිරිදි නබී පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළා.
නමුත් මේ වන විට ඔහු පවසා ඇත්තේ තමා ඒ පිළිබද තවමත් සිතමින් සිටින බවයි.
“මේවා මගේ අවසාන එක්දින තරග නොවෙන්න පුළුවන්, මම බොහෝ විට අඩු එක්දින තරග ක්‍රීඩා කර තරුණ ක්‍රීඩකයින්ට අත්දැකීම් ගොඩ නගා ගන්න අවස්ථා ලබා දෙයි.” යනුවෙන් නබී අයි.සී.සීය වෙත සදහන් කළා.
තමා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, තමාගේ ශාරීරික යෝග්‍යතාවය අනුව සිය අනාගතය තීරණය වනු ඇති බවත් මොහමඩ් නබී පෙන්වා දෙනවා.
නබීගේ 18 හැවිරිදි පුත්‍රයා වන Eisakhil 2024 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළ පිතිකරුවෙක්.
ඒ අනුව ඔහුගේ පියා මේ වන විට බලාපොරොත්තුවෙන් පසුවන්නේ ඔවුන් දෙදෙනාටම ඉක්මණින්ම ජාතික කණ්ඩායමට එකට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
“ඒක මගේ සිහිනය. අපිට ඒක කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා ගොඩක් හොඳින් වැඩ කරනවා… එයා මහන්සි වී වැඩ කරන කෙනෙක්, මමත් එයාට වැඩ කරන්න කියලා බල කරනවා.”